|
එස්.එම්.එම්.අබේරත්න මයා |
පාලිත ඇල්කඩුව මයා |
1999 වර්ෂයේ හිටපු මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් තුමා වූ පාලිත ඇල්කඩුව මහතාගේ එක් සංකල්පයකට අනුව, එතුමාගේ පුර්ණ අනුග්‍රහය හා අනුශාසකත්වය මත 1999'01'28 වන දින එස්.එම්.එම්.ජි.අබේරත්න මහතා විසින් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය , මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර කොට්ධාශයේ පල්ලේතලවින්න ගම්මානයේ පිහිටුවන ලදී.පාලිත ඇල්කඩුව මැතිතුමාගේ අනෙකුත් සංකල්ප දෙකක් වූ මහනුවර රාජකීය විද්‍යාලය පිහිටුවීම මීට පෙර ද පසුව ගුරුදෙණිය ගුරු සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම ද සිදු කරන ලදී.
2004 වර්ෂයේ මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ වැසීයාමට ලක්වෙමින් පැවති පාසලක් ලෙස හදුනා ගෙන තිබු කපිල සෙනෙවිරත්න විදුහල සම්බන්ද කරමින් ආදර්ශයේ ද්විතියික අංශය පිහිටුවමින් පාසලේ නාමය ආදර්ශ නාමයක් වියයුතු බව අබේරත්න විදුහලප්තිතුමාගේ අදහස වූ හෙයින් පාසල නමින් Kandy Model School ලෙස හදුන්වා දෙන ලදී.මෙතුමා Kandy Model School එකෙහි ප්‍රථම විදුහල්පතිවරයා ලෙස වැඩකටයුතු ආරම්භ කරන ලද අතර නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙක් යොදා ගනිමින් පල්ලෙතලවින්නෙහි පිහිටි ප්‍රාථමික පාසලත් පොල්ගොල්ලෙහි පිහිටුවන ලද ද්විතියික පාසලත් පාලන කටයුතු සිදු කරන ලදී. ආරම්භයේදී ගුරු කාර්ය මණ්ඩලය සයදෙනෙකුගෙන් සමන්විත විය.ළමුන් 171 දෙනෙක් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබිය. පසු ව මෙම අබේරත්න විදුහල්පතිවරයාගේ යෝජනාව පරිදි මෙම පාසල ජාතික පාසලක් බවට පත් කිරීමට ඉඩ කඩ ලැබුණි.
“Achieve Goals Through Success...”
“සාර්ථකත්වය තුලින් අරමුණු කරා...” යන පාසල් පාධය පෙරදැඩි කොටගෙන මෙතුමා එක ශ්‍රේණියකට පන්ති තුන බැගින් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලදී.
පන්ති නාමකරණය සදහා අර්ථාන්විත ලතින් වචන යොදා ගන්නා ලදී.එනම්,
Acme වචනයෙන් ‘ශ්‍රේෂ්ඨත්වය’
Canon වචනයෙන් ‘ශික්ෂාව’
Luminary වචනයෙන් ‘උගත්බව’.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විශාල දැනුම් සම්භාරයක් ලබා සිටි අබේරත්න විදුහල්පතිතුමා අධ්‍යාපන විද්‍වතෙක් ලෙසත් විවිධ විෂයධාර තුල නිපුණතා වලින් සන්නද්ධ වූවකු ලෙසත් අභියෝග ජයගෙන සාර්ථක ලෙස පාසල කපිපෙනන පාසලක් බවට පත් කරන ලදී.
පසු කලකදී අබේරත්න විදුහල්පතිවරයා මහනුවර රණබිම රාජකීය විදුහලට විදුහල්පතිවරයෙකු ලෙස ත් පසුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු ලෙසත් සේවය කරන ලදී.













