Kandy Model School

පාසලේ ඉතිහාසය

Computer Hardware Team! Join Us!

උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026

Children's Day 2024

වුෂු

IMG_2420.jpeg
IMG_2399.jpeg
blooddonation.jpeg
IMG_0739.jpeg
IMG_9283.jpeg
cricket.jpeg
rugby3.jpeg
bera.jpeg
bera2.jpeg

"මහවැලි ගාග බඩ - සුවබර කදු රට

තුරුලිය ගොමු අතරේ

නව යුගයක නව මං පෙත හෙළි කල

විදු අරුණලු පැතිරේ... "

1999 වසරේ ආචාර්ය මණ්ඩලයේ සය දෙනෙකු සහ සිසුන් 171 දෙනෙකුගෙන් ආරම්භ කල මෙම පාසලේ නාමය ආදර්ශ නාමයක් විය යුතු බව එදා මෙම පාසලේ ප්‍රථම විදුහලප්තිතුමගේ අදහස වූ හෙයින් විද්‍යාලයට නම තැබුවේ KANDY MODEL SCHOOL ලෙසය. ලෝකයත් සමග පෑහෙමින් ගමන් ගැනීමේදී පාසල් නාමය කෙතරම් උචිතද යන්න වැටහෙන්නේ එදා නොව අදය. පාසල් නාමය අභිමානවත් වනවා සේම ඊට සරිලන ලෙස සැලසුම් සකස් කිරීම විදුහල්පති තුමාගේ අභිමතාර්ථය විය. ඒ අනුව ආචාර්‍ය මන්ඩලය බදවා ගැනීමේදීත් ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීමේදීත් නව මුහුනුවරක් අනුගමනය කරන ලදී.

Kandy Model School 1999 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුකූලව ක්‍රියාත්මක වූ අතර ක්‍රියාත්මක වූ අතර නිපුණතා පාදක ඉගෙනුම් පරිසරයක් පාසල තුල නිර්මාණය විය. 1 වසරේ සිට 5 වසර දක්වා ප්‍රාථමික පාසලක් ලෙස ක්‍රියාත්මක වූ මෙම පාසල තුල සිංහල භාෂාවට අමතරව ඉංශ්‍රීසි, ජපන් මෙන්ම දෙමළ වැනි භාෂාවන් සිසුන්ගේ ව්‍යවහාරයට එක් කිරීමට පියවර ගැනුනි.විවිධ විදේශීය රටවල් හී විශ්ව විද්‍යාලීය සිසුන් සිය පර්යේෂනයන් සදහා මෙම විද්‍යාලය තෝරා ගැනීමෙන් පසක් වන්නේ අධ්‍යාපනය පිලිබද හැදෑරීමට කදිම තෝ තැන්නක් වූ බවය. එසේම විදේශ සිසුන්ගේ සම්පත් දායකත්ව විද්‍යාලීය සිසුනට නව ලොකයේ දැනුම සම්ප්‍රේෂණය කර ගැනීමට කදිම අත්වැලක් විය. සිසුන් සිය දක්ෂතා විවිධ ක්ෂේත්‍ර හරහා ප්‍රකට කරද්දි වත්තේගම අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වසර ගණනාවක් පුරා ඉහල ප්‍රතිශතයකින් රදවා ගැනීමට ලැබීමද අප ලද අභිමානයකි.

ප්‍රාථමික විද්‍යාලයක් ලෙස වසර 5ක් තුල ඉතා ඉහල සාර්ථකත්වයක් ලැබූ මහනුවර ආදර්ශ විද්‍යාලයට 2004 වර්ෂයේදී වැසී යමින් පැවති පොල්ගොල්ල කපිල සෙනෙවිරත්න විද්‍යාලය එක් කරගනු ලැබිය. ඒ අනුව ප්‍රාථමික විද්‍යාලයක් ලෙස බිහිවූ මහනුවර ආදර්ශ විද්‍යාලය ද්විතීක අංශයක් සහිත විදුහලක් ලෙස උසස් වුයේ ප්‍රදේශයේ මහජනතාවගෙන් එල්ල වූ බරපතල අභියෝගයන් හා විරෝධතාවයන් සාර්ථකව ජය ගනිමිනි. 2012 වර්ෂයේ උසස් පෙළ කලා හා වාණිජ අංශය ඇරඹීමත් සමග 2 වර්ගයේ පාසලක්ව තිබූ මෙම විද්‍යාලය අද වන විට 1-C පාසලක් ලෙස පියවරක් ඉදිරියට තබා ඇති බව කිව යුතුය.

විෂය, විෂය සමගාමී, විෂම බාහිර යන සියලු ම අංශ වලදී විවිධ හැකියාවන් හරහා විද්‍යාලයේ සිසුන් අධ්‍යාපන කලාපය තුල පමණක් නොව ජාතික මට්ටමේ දීත් සියලු සුසුන්ට අභියෝගයක් විය. එමෙන්ම මෙවැනි පාසලක් තවත් අත්වැලක් වූයේ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන සජීවී දෙමාපියන් මගින් බිහිවූ පාසල් ප්‍රජාවක් සහ සුභපතන්නන් රැසක් සිටින නිසාවෙන් අද දකින මහනුවර ආදර්ශ විද්‍යාලය “නෙතට පියකරුක වූ ගෙදරක්” වූ අතර නිබදවම අප ගමන් කරන්නේ සාරධර්ම පෙරදැරිවමය. විද්‍යාලයේ දරුවන් වඩාත් කැපී පෙනෙන්නේ ඉගෙනුම් කාර්ය පමනක් නොව මහා හැදියාවන්ගෙන් යුතු ආදර්ශමත් දරු කැලක් වීම නිසාය.

සුභ අනාගතයක් කරා ගෙන යාමේ ආරම්භය සනිටුහන් කළ විදුහල්පති තුමන්ගේ දැක්ම හා සැලසුම් පදනම් කර ගනිමින් සමස්ථ පාසල් පද්ධතියටත් මාතෘ භූමියටත් සැපයීමට මහනුවර ආදර්ශ විද්‍යාලයට හැකි වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

අපගේ තේමාව වන “අධිෂ්ටානයෙන් අරමුණ කරා ...” යන්න වඩාත් පිළිබිඹු වන්නේ අද නොවේ හෙටය.

 

 

ආරම්භ කළ වර්ෂය

1999 ජනවාරි 28

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

06

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

112

මුල් ගුරුතුමාගේ නම

W.H.M.සිතාන්ජලි හේරත් මැණිකේ

පාසලේ ආදි කතෘගේ නම

පාලිත ඇල්කඩුව,S.M.M.G. අබේරත්න මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මහනුවර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

S.M.M.G.අබේරත්න මයා

පාසල පැවැත්වූ ස්ථානය

පල්ලෙතලවින්න ග්‍රාමය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

හරිත් දීමන්ත අබේරත්න

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එච්.ඩි.චන්ද්‍රිකා කුමාරි

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1999.01.28