Kandy Model School

Computer Hardware Team! Join Us!

උසස් පෙළ පන්ති සදහා අයදුම්පත් කැදවීම 2025/2026

Children's Day 2024

වුෂු

IMG_2420.jpeg
IMG_2399.jpeg
blooddonation.jpeg
IMG_0739.jpeg
IMG_9283.jpeg
cricket.jpeg
rugby3.jpeg
bera.jpeg
bera2.jpeg

නර්තනය - කොවුලා වන්නම

මෙය සබරගමු කොවුලා වන්නම නර්තනාංගයයි.සබරගමු සම්ප්‍රදායේ එන වන්නම් අතුරෙන් කොවුලා වන්නම මෙවර කලාප ප්‍රථම ස්ථානයත් පළාත් ප්‍රථම ස්ථානයත් ලබා සමස්ත ලංකා නර්තන වටයට තේරී පත්වුණි.එහිදී කුසලතා සම්මානයක් මෙම වන්නම සඳහා ලැබුණි.කොවුලා වන්නම යනු කොවුලාගේ ගති පැවතුම් හා ලක්ෂණයන් මෙම වන්නම මගින් නිරූපණය වෙයි.මෙය සබරගමු සම්ප්‍රදායේ එන ගායනය සහිත වන්නමකි.

නර්තනය - ගැට බෙර

 
මෙය උඩරට තාල රූප හතරක් සහිත ගැටබෙර වාදනයකි.උඩරට සම්ප්‍රදායේ එන තාල රූප හතරක් මුල් කරගෙන මෙම වාදනය සකසා ඇත.
මෙය කලාප ප්‍රථම ස්ථානයත් පළාත් දෙවන ස්ථානයත් ලබා ගන්නා ලදී.පුහුණුවීම් කටයුතු සිදු කරන ලද්දේ සමන්ති පුන්‍යවර්ධන ගුරුමෑණියන් විසිනි.

නර්තනය - යක් ඇන්නුම

 
කොහොමා කංකාරියේ එන ශාස්ත්‍රීය නර්තන අංගයක් හැටියට යක් ඇන්නුම අපට හඳුන්වන්න පුළුවන්.යක් ඇන්නුම වට්ටම් කිහිපයකින් සමන්විත ය. කොහොඹා කංකාරියේ නර්තනය කරන දීර්ඝතම නර්තන අංගය හැටියට අපට හැඳින්විය හැකිය.ගායනය රහිත නර්තන අංගයක් ලෙස යක් ඇන්නුම නර්තන අංගය අපට හැඳින්විය හැකිය.එසේම කංකාරි මඩුවේ සිටින යක්දෙස්සන් සියලුම දෙනා නර්තනය කරන නර්තන අංගයකි.මෙවර සමස්ත ලංකා නර්නත තරග සඳහා යොදාගත් මෙම යක් ඇන්නුම සියලුම සාම්ප්‍රදායික ලක්ෂණ කැටිකොට විනාඩි හයකුත් තත්පර තිහකට මෙම නර්තනාංගය සකසා ඇත.
මෙම යක් ඇන්නුම නර්තනාංගය මිශ්‍ර නර්තනාංගයක් ලෙස අප පාසලෙන් මෙවර අප ඉදිරිපත් කරන ලදී.
කලාපෙන් ප්‍රථම ස්ථානයත්
පලාතෙන් ප්‍රථම ස්ථානයක්
 සමස්ත ලංකා වටයට සූදානම් වූ මෙම නර්තනාංගය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.
පුහුණුවීම් කටයුතු සිදු කරන ලද්දේ සමන්ති පුන්‍යවර්ධන ගුරුමෑණියන් විසිනි.

නර්තනය - භරත

 

මෙම නර්තනාංගය භරත නර්තනාංගයකි.

භරත නර්තනාංගයන්හි එන නර්තන කොටස් හයෙන් එක් නර්තනාංගයක් ලෙස මෙම නර්තනාංගය හැඳින්විය හැකිය.මෙය ශබ්දම් නර්තනාංගය හා සම්බන්ධ නර්තනයකි.

මෙය විවෘත තරගයක් ලෙස සමස්ත ලංකා නර්තන තරග සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම නර්තනාංගය

කලාප මට්ටමෙන් ප්‍රථම ස්ථානය

පළාත් මට්ටමෙන් තෙවන ස්ථානයත් ලබා ගන්නා ලදී.

පුහුණුවීම් කටයුතු සිදු කරන ලද්දේ සමන්ති පුන්‍යවර්ධන ගුරුමෑණියන් විසිනි.